වික්ටර්

අද වික්ටර්ගේ සිරුර භූමදානය කරන දවස මළ සිරුර තිබූ මිනී පෙට්ටිය පස් කන්ද මතින් තියලා වල කපපු අය හිමීට පෙට්ටිය වලට බස්සන්න ලණු කඹ දෙකක් පෙට්ටිය දෙපැත්තෙන් දාල පෙට්ටිය උස්සල ගන්න හදද්දිම කොහේදෝ තිබුණ වැස්සකුත් ඇද හැලෙන්න ගත්තා ඒ එක්කම මිනී පෙට්ටිය ඇතුලෙන් එක දිගට පෙට්ටියට ගහන සද්දයක් ඇහෙන්න ගත්තා විතරයි හැමෝම පසෙකට පැන ගත්තා . " අනේ එයා ජීවත් වෙනවා කවුරු හරි පෙට්ටිය අරින්න අනේ එයාව එලියට ගන්න.." වික්ටර් ගේ බිරිඳ රූපා හඩමින් පිරිසට පැවසුවා ඒක අහපු එක් අයෙක් සැකයෙන් බයෙන් මිනී පෙට්ටිය ලගට ගිහින් පෙට්ටියේ ලොක් ඉවත් කෙරුවා මිනී පෙට්ටිය විවෘත වෙනවාත් එක්කම ඇස් ලොකු කරගෙන මහ සද්දෙන් හුස්ම ගැනීමට උත්සහ කරමින් වික්ටර් එක්වරම මිනී පෙට්ටිය තුල ඉඳගත්තා ඒක දැකල ගොඩක් අය හිස් හැරුණ අත දිව්වා සමහර දුර්වල හිත් ඇති අය සිහිනැතිව බිම ඇදගෙන වැටුනා වික්ටර් දැඩි උත්සාහයක් දැරුවා හුස්ම ගැනීමට අමරුවෙන් හුස්ම ගන්න උත්සහ කල වික්ටර් තමන්ගේ බිරිඳ රූපා දිහාට හැරිලා අත දික් කරල මොනවාදෝ කියන්න හදනවාත් එක්කම කපා හෙලූ කෙසෙල් කඳක් වගේ ආයෙත් පෙට්ටියටම ඇදගෙන වැටුනා එතන හිටිය දැඩි සිතක් තිබූ එක් අයෙක් වික්ටර්ව ...