Posts

Showing posts from February, 2025

කේරලය තැතිගත් සමූල ඝාතනය

Image
  2025 පෙබරවාරි 24 සවස හයයි තිහට පමණ විසි තුන් හැවිරිදි තරුණයෙක් කේරලයේ වෙන්ජාරාමුඩ්ඩු පොලිස් ස්ථානයට එනවා ඊට පස්සේ ඔහුට ඉස්සරලාම හමුවෙන නිලධාරියට කියනවා තමන් හය දෙනෙක්ව මරලා ආවේ කියලා තරුණයා කියනවා තමන්ගේ නම අර්ෆාන් බව ගෙවල් තුනක මේ ඝාතන සිදු කර ආ බව වැඩි දුරටත් ඔහු පොලිස් නිලධාරියාට පවසනවා පොලිස් නිලධාරීන් තුෂ්නිම්බූතව ඔහු දිහා බලන් ඉද්දි තරුණයා කියනවා මගේ ගේ තියෙන්නේ පොලීසිය කිට්ටුව ඉස්සරලාම සැක නම් බලල එන්න කියලා පොලිස් නිලධාරීන් වහාම ඒ තරුණයාගේ නිවසට ගිහින් බලනවා ඒ වන විට නිවසේ දොර වසා දමා තිබුණේ නිලධාරීන් නිවසේ දොර විවර කලාම මුලින්ම ලේ විලක් මැද මැරී වැටී සිටි කුඩා දරුවෙක් හමු වෙනවා ඔහු අර්ෆාන්ගේ සහෝදරයා වුනා ඊට ටිකක් එහායින් තරුණියක් මැරී වැටී සිටියා ඇය අර්ෆාන්ගේ පෙම්වතිය වුනා ඉන්පසු තව දුරටත් සෝදිසි කරන නිලධාරීන්ට ලෙයින් නැහැවුන අර්ෆාන්ගේ මවගේ සිරුර හමුවෙනවා මේ අතරම නිලධාරීන් දකිනවා අර්ෆාන්ගේ මවට සිහිය තිබෙන බව ඔවුන් වහාම ඇයව රෝහල් ගත කරනවා  ඉන්පසු නැවත පොලිසියට පැමිණි නිලධාරීන් අර්ෆාන්ගෙන් අසනවා අනිත් මළ සිරුරු තිබෙන තැන ඉන්පසු අර්ෆාන් ඔවුන්ට ඉතිරි සිරුරු තිබෙන තැන...

ගුවාටිවල මව සහ පුතුගේ ඝාතනය

Image
  2022අගෝස්තු 29 ගුවාටි වල පදිංචිව ඉන්න බන්දනා කලීටා නමැත 32 හැවරදි කාන්තාව නූන්මාටි පොලිස් ස්ථානයට එනවා ඇයගේ සැමියා අමර්ජෝති ඩේ සහ නැන්දම්මා ශන්කරීයා ඩේ ජූලි 26 වන දා සිට මේ වන තුරු අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් දාන්න. පොලීසිය පැමිණිල්ල ලියා ගන්නවා ඉන්පසු පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කරනවා නමුත් ඔවුන්ට කිසිම සාක්ෂියක් හෝඩුවාවක් සොයා ගැනීමට නොලැබෙනවා මේ අතුරුදන් වීම සම්බන්ධව ඒ නිසා පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාම අඩාල වෙලයි තිබුණේ . අගෝස්තු 25 බන්ධනා ඇයගේ සැමියාගේ පුංචි අම්මා වූ නිර්මලා ඩේ ගේ ගෙදරකට ගිහිනුත් තම සැමියාගේ සහ නැන්දම්මාගේ අතරුදන්වීම පවසන්නේ හැඩු කදුලින් මේ නිසා ඒ නිර්මලා ඩේ කොහොමටවත් බන්ධනා ගැන සැකයක් ඇති කරගන්නේ නෑ . ඊට මාස දෙකකට පස්සේ නිර්මලා ඩේ තම සොයුරිය අතුරුදන් වූ ශන්කරියා ඩේ පැමිණ ඇත්ද කියා දැනගැනීමට ශන්කරියා ඩේ ගේ ගෙදරට පැමිණෙනවා නමුත් ශන්කරීයා ඩේ නිවසේ නොසිටි නිසා අසල්වැසියෙකුගෙන් ඇය ගැන විමසුව විට නිර්මලා ඩේට දැන ගැනීමට ලැබෙන්නේ ටික දිනකට කලින් බන්ධනා ශන්කරීයා ඩේව ඔවුන්ගේ නිවසට රැගෙන ගියා කියා පැවසූ බවයි මේ අමුතු කතාව අහලත් නිර්මලාඩේට බන්ධනා ගැන...

දියණියව ඝාතනය කල තාත්තා

Image
  මුම්බායේ කල්යාන් දුම්රියපල ඉස්සරහ කුලී ත්‍රී රෝද රථ ගාලක් තිබුනා මේ රථ ගාලේ සලීම් නමැති තරුණයෙක් හිටියා ඔහු තම ත්‍රී රෝද රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී බලා සිටියේ හයර් එකක් බලාපොරොත්තුවෙනුයි තවත් ටික වෙලාවකට පස්සේ මැදි වයසේ පුද්ගලයෙක් ලොකු කලු පාට බෑග් එකක් ගෙනත් සලීම් ගේ රථය ඇතුලෙන් තියලා සලීම් දිහා බලලා මල්ලී මාව බෙවන්ඩිකෝ වලට ගිහින් දාල එන්න කියලා කිව්වා. මේ මනුස්සයාගේ මේ කතාව සලීම්ට ඇල්ලුවේ නෑ සාමාන්‍යයෙන් මිනිස්සු කුලී ගමනක් යන්න ඇවිල්ලා අහන්නේ ඒ පැත්තට යනවද කියලා ඒත් මේ පුද්ගලයා අඩු ගාණේ ගමනට කීයක් අය කරනවද කියලා ඇහුවෙත් නෑ සලීම්ට ඒ නිසාම මේ පුද්ගලයා ගැන සැක හිතුනා ඒ විතරක් නෙමේ රථය ඇතුලෙන් තියපු බෑග් එකෙන් අමුතුම දුර්ගන්ධයකුත් වහනය වුනා ඒ හේතුවත් බල පෑවා සලීම්ට ඒ පුද්ගලයා ගැන සැක කිරීමට. ඊට පස්සේ සලීම් ඒ මනුස්සයා දිහා බලලා මේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඇහුවා ඒ අහපු ප්‍රශ්නයට බිය වුන ඒ මනුස්සයා ඛෑග් එකත් ත්‍රී වීල් එකෙම දාලා දුම්රියපල ඇතුලට දිව ගියා රථ ගාලේ සිටිය හැමෝම අර කලු ඛෑග් එක දිහා සැක සහිතව බලන්න උනා මග යන එන අයත් නැවතිලා බලන්න ගත්තා හැමෝගෙම අදහස උනේ අනිවාර්යයෙ...

ෂර්මා පවුලේ සමූල ඝාතනය

Image
  මේ කතාව කියෙව්වම ඔබට ඔබේ මවට මල් තියලා වැන්ඳත් කමක් නෑ කියලා හිතෙයි . 2017 ඔක්තෝම්බර් 3 රාජේස්ථානයේ අල්වර් නගරයේ සිවාජී පාර්ක් කොලණියේ දෙමහල් නිවසක  සන්ධ්‍යා ෂර්මා සහ කවිතා ෂර්මා කියලා අක්ක නගෝ දෙන්නෙක් උඩු මහලේ නිදාගෙන සිටියා පවුලේ අනිත් අය නිදාගෙන සිටියේ පහල මහලේය පසු දින හිරු උදාවත් සමග ගෙදර වතුර මෝටරය ක්‍රියාත්මක කරවීමට අක්ක නගෝ දෙදෙනාම පහල මහලට ආවා වතුර මෝටරේ ක්‍රියාත්මක කරලා නිවසේ පිරිස නිදා සිටි කාමරයට ඔවුන් දෙදෙනා ගියා නමුත් කාමරය ඇතුලේ සිදුව තිබූ භයංකාර දේ දැක ඔවුන් දෙදෙනා මර හඩ දුන්නා ඔවුන් දෙදෙනාගේ කෑ ගැසීමේ හඩ අසා අහල පහල අසල් වැසි සියලු දෙනා විගස එම නිවසට පැම්ණියා අසල්වැසි සියලු දෙනාත් පැමිණ නිවස ඇතුලේ තත්වය දුටු විට විමතියෙන් තැති ගත්තා නිවසේ පහල මහලේ හැම තැනකම රක්ත වර්ණ රුධිරයෙන් නැහැවී ගොස් තිබුණා විතරක් නෙමේ නිවසේ ගෘහ මූලික බන්වාරීලාල් ෂර්මා සහ ඔහුගේ දරුවන් තිදෙනා සහ බන්වාරීලාල් ගේ මල්ලිගේ දරුවෙකුත් කපා කොටා මරා දමා තිබුනා අසල්වැසියෝ වහාම මේ සමූල ඝාතනය ගැන පොලීසිය දැනුවත් කලා සිද්ධිය දැනගත් පොලීසියත් වහාම එතනට පැමිණියා අසල් වැසියන් දුටුවා බන්වාරීලාල් සහ ඔහුග...

අෆ්තාබ් ශ්‍රද්ධා

Image
  මම හිතනවා ඔබට මතක ඇති කියලා මනෝජ් සානේ නමැති මැදි වයසේ පුද්ගලයෙක් තමන්ගේ බිරිදව කෑලි කෑලි වලට කපල තිබුණ කතාව එහිදී මනෝජ් සානේ කියනවා මළ සිරුර කෑලි වලට කපන සිතුවිල්ල ආවේ ඉන්දියාවේම සිදුවුන තවත් මිලේච්ඡ ඝාතනයකින් කියලා මම ඔබට කිව්වා ඒ කතාවත් කියනවා කියලා මේ තියෙන්නේ මනෝජ් සානේ ආදර්ශයට ගත් මිලේච්ඡ ඝාතනයේ කතා පුවතයි. 2018 වර්ෂයේ ශ්‍රද්ධා නමැති 27 වියැති යුවතියක් මුම්බායි වල සන්නිවේදන මධ්‍යස්ථානයක සේවය කෙරුව ඔය අතරම ඇය සමග මිතුරු වෙනවා ඒ ආයතනයේම සේවය කල අෆ්තාබ් නම් තරුණයෙක් මේ මිතුරු කම වැඩි දවසක් යන්න කලින් ආදරයකට පෙරලෙනවා  ශ්‍රද්ධා මුම්බායි වලම තමා තමාගේ මව සහ බාල සහෝදරයා සමග පදිංචි වෙලා හිටියේ ඇයගේ තාත්තා ඔවුන්ගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වුනා අෆ්තාබ් ගේ හමු වීමත් සමග ශ්‍රද්ධා සතුටින් කාලය ගතකෙරුවේ පසුව ඔවුන් දෙදෙනා තීරණය කෙරුවා දෙන්නම එකට ජීවත් වෙමුකියලා එහෙම හිතලා වැඩි දවසක් යන්න කලින් මුම්බායි වලම මහල් නිවාසයකින් ගෙයක් කුලියට ගත්තා. නමුත් මේ සම්බන්ධයට ශ්‍රද්ධා ගේ දෙමව් පියන් කැමති වුනේ නෑ විශේෂයෙන් ඔවුන් අෆ්තාබ්ට චුට්ටක්වත් කැමති වුනේ නෑ මොකද කිව්වොත් අෆ්තාබ් මුස්ලිම් ජාතික...

වර්මා පවුලේ ඝාතනය

Image
  මේ කතාව කියවන ඔබට මෙහෙම හිතේවි දරුවෝ නැති උනොත් ජීවිතේටවත් දරුවෙක් අරන් හදා වඩා ගන්නේ නම් නෑ කියලා එහෙම මම මුලින්ම කිව්ව හේතුව මේ කතාවේ අවසානයේ ඔබට දැන ගැනීමට ලැබේවි  දිල්ලියේ ද්වාර්කා දිස්ත්‍රික්කයේ රාජ්නගර් වල තමයි වර්මා පවුලේ අය ජීවත් වුනේ හතර දෙනෙකුගෙන් සමන්විත මේ ආදරණීය පුංච් පවුල හැමදාම එකටම තමයි ජීවත් වුනේ පවුලේ වැඩිමලා විනෝද් වර්මා රැකියාව ලෙසට දුරකථන ක්‍රියා කරවන්නෙකු ලෙස රැකියාව කලා ඔහුගේ බිරිද ගේ දොර වැඩ කටයුතු බලාගෙන හිටියා ඔහුගේ එකම පුතා නිතින් වර්මා පුද්ගලික ආයතනයක සේවය කලා නිතින් වර්මාගේ බිරිද පූජා වර්මා පුද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කලා මේ පවුල ගොඩක් සතුටින් තමා ජීවත් වුනේ ඒ සතුට දෙගුණ තෙගුණ වුනේ පූජා වර්මා මවක් වී ඇති බව දැන ගත්තාට පසුයි . 2008 අප්‍රියෙල් 18 වන දින රාත්‍රියේ වෙහෙසකර සේවා නිමාවකින් පසු නිතින් ඔහු සේවය කල ආයතනයේ සිට තම යතුරු පැදියෙන් නිවසට ගමන් කලා නිවසට ඉක්මණින් යාමේ අභිලාෂයෙන් ඔහු තම යතුරු පැදියේ වේගය තව තවත් වැඩි කලා හරියටම බුද්ධ ජයන්ති මාවත ලගදී ඔහුගේ යතුරු පැදිය ලිස්සා ගොස් අනතුරකට භාජනය වෙනවා අතපය කැපිලා සුලු තුවාල කිහිපයක් ඔහුගේ...

මනෝජ් සානේ crime case

Image
  සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ට මේ තරම් තිරිසන් විදිහට හැසිරෙන්න පුලුවන්ද කියලා මේත් පිළිකුල් සහගත තිරිසන් ක්‍රියාවක් සිදු වූ කතාවක්  මුම්බායේ ඨානේ වල මීරා පාරේ එක් මහල් නිවස සංකීර්ණයක් තිබුණා එහි නම වුනේ ගීතා ආකාශ් ඩීප් මේ නිවාස සංකීර්ණයේ පලමු වෙනි ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්විත වුනා නම්බර වශයෙන් සදහන් වුනේ පලමු මහල 701,දෙවනි මහල702,තුන්වන මහල 703,හතරවන මහල 704 විදිහටයි මේ මහල් නිවාස හතරින් 701,702,703 මේ මහල් නිවාස වල පදිංචි අය බොහොම කුළුපගව තමා ජීවත් උනේ ඒ අය නිවාඩු දවස්වලට විනෝද උනා කෑම හදගෙන එකට ඉදගෙන කෑවා කොටින්ම නෑදෑයෝ වගේ තමා හැසිරුනේ නමුත් 704 මහල් නිවසේ පදිංචිව සිටියේ මනෝජ් සානේ කියලා උපාධි දාරී මැදි වයසේ පුද්ගලයෙක් මාසෙට දසදහසක මුදලකට ඔහු ඒ මහල් නිවාසය කුලියට ගෙන තිබුණා . මනෝජ් සානේ අමුතුම මනුස්සයෙක් වුනා ඔහුගේ බිරිදත් ඒ වගේ කිසිම කෙනෙක් එක්ක කතා කලේ නෑ සිනා වුනේ නෑ කිසිම උත්සවයකට ආවෙ නෑ හරිම අද්භූතජනක ජීවිතයක් ඔහු ගත කලේ ඔහුගේ වතගොත කිසිම දෙයක් නිවාස සංකීර්ණයේ කවුරුත් දැනගෙන හිටියේ නෑ  2023 වර්ෂයේ එක්තරා දිනයක 703මහල් නිවසේ සිටිය අයට දුර්ගන්ධයක් දැනෙන්න ග...

තරුණ දාම ඝාතකයා

Image
  1978 වර්ෂයේ එක් දිනක ජයපූර්වල පොලීසියට ලැබෙන තොරතුරකට අනුව යම් තැනක් සෝදිසි කෙරුවම ඝාතනය කරපු මනුස්ස ශරීරයක් හමු වෙනවා පොලීසිය හිතනවා මොකක් හරි කා එක්ක හරි ඇති වුන ගැටුමක් නිසා මේ ඝාතනය සිද්ධ වෙන්න ඇති ශරීරය මරණ පරීක්ෂණයට යැව්වම ඝාතනය සිදුවෙලා තියෙන්නේ උගුරු දණ්ඩ කඩා බිද දැමීමකින් බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා. පොලීසිය ඒ ඝාතනය වුන ශරීරයෙන් දකින විශේෂ දේ කණට පහලින් ගැඹුරු තුවාලයක් ශරීරයේ දක්ණට ලැබීමයි ටික දවසක් ඒ ඝාතනය ගැණ පරීක්ෂණ කටයුතු කරලා එහෙම්මම ඒක යට යනවා ටික දවසකින් ජයපූර්වල පාලු පාරක තිබිලා ආයෙත් පොලීසියට ඝාතනය කරපු මිනිස් ශරීරයක් හමු වෙනවා මේ ඝාතනයත් පෙර ඝාතනය වගේම කණට යටින් ගැඹුරු තුවාලයක් තියෙනවා ඒ වගේම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව උගුරු දණ්ඩ කඩා බිඳ දැමීමෙන් මරණය සිදු වී තිබෙන බව සදහන් වෙනවා  කාලය ගෙවිලා ගියා රාජස්ථාන් වල හැම පැත්තකම සෑහෙන්න ඝාතන සිද්ධ වුනා ඒ හැම ඝාතනයකම එකම රටාවක් තිබුණේ උගුරු දණ්ඩ කඩා බිද දැමීම කණට පහලින් ගැඹුරු තුවාලයක් තිබීම දිනෙන් දින මරණ සංඛ්‍යාව වැඩි වෙන්න ගත්තා හැම ඝාතනයක්ම එක එක පැතිවල වෙනස් වෙනස් පොලිස් වසම් වල සිදු වුන නිසා පොලීසිය...

තිරිසන් බිරිඳ

Image
සුන්දර මුහුණෙන් කොහොමද කෙනෙකුගේ චරිතය මනින්නේ මූණ සිනහව සුන්දර මිනිස්සු ඇතුලතින් තිරිසනුන්ටත් අන්ත වෙන්න පුලුවන්.  ඉන්දියාවේ තාලුකාරවේර් වල ජීවත් වුන ජග්දීෂ් සාලෝකේ ගේ තාත්තාට සැලූන් එකක් තිබුණා ජග්දීෂ්ගේ තව සහෝදරයෙක් හිටියා ඔහු විවාහ වෙලා බිරිදත් සමග ඨානේ වල ජීවත් වුනේ අධයාපනය හමාර කරපු ජග්දීෂ් ඨානේවල තම සහෝදරය ලගට ගියා රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙන් කොහොම හරි උත්සහ කරල ජග්දීෂ් ඨානේ වල ආයතනයකින් උසස් වැටුපක් සහිත රැකියාවක් සොයාගන්නවා මාස ගණනාවක් ගෙවිලා ගියාට පස්සේ ගෙදර හැමෝම ජග්දීෂ්ට විවාහයක් ගැන හිතන්න කියනවා ඔහුත් එයට කැමති වෙනවා එක දිගට මංගල යෝජනා ඔහු වෙත ගලාගෙන එනවා මේ අතරින් ආපු එක මංගල යෝජනාවකට ජග්දීෂ් කැමති වෙනවා ජග්දීෂ් ගේ හිත ගිය යුවතිය වුනේ මලාඩ් වල ජීවත් වුන වෛශාලී ටාකරේ ඇයගේ සුරූපි අහිංසක මුහුණ දකින ජග්දීෂ් විතරක් නෙමේ ජග්දීෂ් ගේ ගෙදර හැමෝම වෛශාලීට කැමති වෙනවා . දෙපාර්ශවයම මේ මංගල්ලයට කැමති වෙලා විවාහ ගිවිස ගෙන මංගල්ලයට දින නියම කරගන්නවා ඊට පස්සේ මාස හයක් යනකන් ජග්දීෂ් සහ වෛශාලී දුරකථනයෙන් සහ හමුවෙලා කතාබහ කරගෙන දෙන්නාගේ අදහස් උදහස් රුචි අරුචි කම් ගැන කතා කරගන්නවා මාස...

අමර්ජීට් සදා

Image
 දරුවෙකුගේ වැරදි සැගවීම අවසානයේ ඛේදජනක ඉරණමක් ඇති කිරීමට පවා ඉඩ තිබෙන බව ඔබට මෙය කියවා බැලීමෙන් වටහා ගැනීමට හැකි වේවි. ඉන්දියාවේ බිහාර් වල බේගුස්රායි හී ගමක් තිබුණා මේ ගමේ නම මුස්සේරි මේ ගමේ දුප්පත් පවුලක් හිටියා තාත්තයි අම්මයි කිරිබොන වයසේ හිටිය දුවෙක් සහ හත් හැවිරිදි පිරිමි දරුවෙක් මේ පවුලේ තාත්තා කුලී වැඩ කරලා බොහොම දුක් මහන්සියෙන් තම පවුල ජීවත් කර වූවා මේ තාත්තට හිටිය තවත් සහෝදරයෙක් ඔහුත් හිටියේ මේ පවුල ජීවත් වුන ආසන්නයේමයි 2006 වසරේදි ඒ පවුලේ උදවියට කරදරයක් සිද්ධ වුනා . ඒ තමයි ඒ පවුලේ වයස අවුරුදු හයක් වුන දැරියක් හදිස්සියේම අතුරුදන් වීම මේ පවුලේ අය මේ ගැන පොලීසිය දැනුවත් කෙරුවේ නෑ හැබැයි මේ සිද්ධිය මුලු ගම පුරාම පැතිරුනා දරුවව හෙව්ව හමු වුනේ නෑ කාලය මේ විදිහට ගෙවිලා ගිහින් මාස හයකට පස්සේ ඒ පවුලේම මාස හයක දරුවෙක් එක පාරටම අතුරුදන් වුනා මේ දරුවාගේ අතුරුදන් වීම ගැනත් ඒ පවුලේ අය පොලිසියට කිව්වෙ නෑ  මේ දරුවා ගේ අතුරුදන් වීමත් ගම පුරා පැතිරුනා හැමෝම කතා වුනා එකම පවුලේ දරුවෝ දෙන්නෙක් අතුරුදන් වීම ගැන ඒ දරුවගේ අතුරුදන් වීමෙන් මාස තුනකට පස්සේ 2007 වර්ෂය එලඹුනා ඒ වසර ආරම්භයේම මුස...

සයනයිඩ් මල්ලිකා

Image
  අපේ ජීවිතයේ සිදුවන කරදර පසුතැවීම් දුක්බර සිදු වීම් කඩාවැටීම් විභාග පාස් වීමට ලෙඩ හොඳ කරගන්න අනාගත බලාපොරොත්තු සපල කරගන්න අලුතෙන් රථයක් මිල දී ගත්තම මේ සියල්ලටම අපි පිහිට හොයාගෙන දෙවියන් ළඟට යනවා ඒ එක්කම අපේ කඩා වැටුන ජීවිත වලින් ප්‍රයෝජන ගන්නා පිරිසකුත් ඉබේම බිහි වෙනවා ඔවුන් යාග හෝම පුද පූජා වැනි දේවල් කිරීමට යැයි පවසා අපේ සේසතම සූරගන්නේ අපිටත් නොදැනිමයි    කර්ණාටකයේ කග්ගාලිපුරම් වල දුගී පවුලකට දාව උපත ලබන කෙම්පම්මා නිසි වයසට පත් වුනාට පස්සෙ ඇදුම් මැසීම රැකියාව බවට පත් කරගත් තරුණයෙක් සමග ඇය විවාහ උනා විවාහයෙන් පසු ටික කාලයක් හොදින් ජීවිතය ගත වුනා ඇය දරුවන් තිදෙනෙකුට උපත ලබා දුන්නා හොදින් අග හිගයක් නැතුව ජීවිතය ගත වුනත් කෙම්පම්මට එය ප්‍රමාණවත් උනේ නෑ කෙම්පම්මට පොඩි දවස් වල ඉදන් හීනයක් තිබුණේ මුදල් පිරුණු සැප පහසු ජීවිතයක් ලබා ගැනීමටයි නමුත් දුගී පවුලක උපත ලැබීම නිසා ඇගේ ඒ සිහින යටපත් කර ගැනීමට ඇයට සිදුවුනා. නමුත් කෙම්පම්ම ඇගේ සුපිරි ජීවිතය ගත කිරීමේ සිහිනය මුලු හිතින්ම අත හැර දැමුවේ නෑ ටික දිනකට පසු ඇය ඇගේ ස්වාමියාට පවසනවා ඔහු ඉතිරි කරගෙන සිටින මුදල් ලොතරැයි ව්‍යාපාරය...

රූමතියගේ භයංකාර මරණය

Image
  ඉනදියාවේ මහරාෂ්ඨයේ එක් සුන්දර පලාතක් තිබුනා මාතේරාන් කියලා දෙස් විදෙස් ආකර්ෂණය නොඅඩුව ලැබුන මේ පලාතට හරිත පැහැ සුන්දර කදුශිකර වලින් පිරිණු මේ ප්රදේශය අමුතුම චමත්කාරයක් මැව්ව නිසාම වැඩි වැඩියෙන් ජනයාගේ ආකර්ෂණය ලැබුණා  වැඩිපුර ජනයාගේ ආකර්ෂණය ලබන නිසාම මේ පලාතේ බොහෝ ලැගුම්හල් ඉදිවුනේ පරිසරයේ සුන්දරත්වය විදින්න එන අයගේ විවේක සුවය වෙනුවෙනුයි 2021දෙසැම්බර් 11 මේ මාතේරාන් ප්රදේශයට එන තරුණ අඹු සැමි යුවලක් ඒ ප්‍රදේශය පුරාම බොහොම විනෝදයෙන් දවස ගෙව්වා රාත්‍රිය උදා උනාම ඔවුන් දෙදෙනා ලැගුම් හලක නතර වෙන්න තීරණය කරලා රාත්‍රී 12ට පමණ ඒ ප්‍රදේශයේ ඇති ලැගුම්හලක කාමරයක් කුලියට ගෙන එහි නිදා ගන්නවා උදෑසන හතට ලැගුම්හලේ සේවකයෙක් ඔවුන් නැවතුනු කාමරයේ දොරට තට්ටු කර බලන්නේ ඔවුන්ගේ උදෑසන ආහාරයට අවශ්‍යය කුමක්ද යන්න දැන ගැනීමටයි නමුත් කාමරය ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් නොවූ තැන සේවකයා එතනින් පිටව යන්නේ අඹු සැමි යුවල තවමත් නිදි ඇතැයි සිතාය. ඉන්පසු තවත් පැය දෙකකට පසු එම සේවකයම නැවත එම කාමරයට තට්ටු කලත් ඒ මොහොතෙත් කාමරය ඇතුලේ සිටින යුවලගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවූ නිසා ඔහු වහාම ලැගුම්හලේ මැනේජර්ව දැනුවත් කර...