Posts

මඩ ගොහුර

Image
  අරවින්දට මුල්ම ගුරු පත්වීම ලැබුණේ ආණමඩුවේ දුෂ්කර ගමක පාසලකට ඒ ගමේ නවතින්න තැනක් හොයා ගන්න අරවින්දට බැරි උන හින්ද ඒ ගමේ ඉදලා ගම් තුනකට එහා තිබුණ කැටවල ගමේ ගෙදරක් අරවින්ද නවතින්න හොයා ගත්තා උදේ පාන්දර බස් රථයෙන් ගිහින් පාසලේ ඉගැන්වීම් කට යුතු කරලා හවස බස් රථයෙන්ම ඔහු නවාතැනට ආවා . අරවින්දට බස් රථයට නැගීමට ප්‍රධාන පාරට යන්න උනේ පයින්ම තමා කිලෝ මීටර් භාගයක් විතර ඔහුට හැමදාම පයින් ගමන් කරන්න උනා උදේටයි හවසටයි එදත් පාසලට යන්න කියලා නවාතැනින් පිටත් උන අරවින්ද මගදි වැස්සක් ඇද හැලුන නිසා අසල තිබුණ කඩයකට ගොඩ වැදුනා ..සර් ඉස්කෝලෙට යන්න වගේ .. කඩේ මුදලාලි සිනාමුසුව කාරුණිකව අරවින්දගෙන් විමසුවා. ..ඔව් කලු මුදලාලි බලන්නකෝ මේ වැස්සක් වහින්න ගත්තනේ එකපාරම මම හිතුවෙවත් නෑ වහීවි කියලා කුඩයක්වත් ගෙනාවේ නෑ .. කඩේ මුදලාලිගේ නම උනේ මහතුන් ඒත් ගමේ හැමෝම ඔහුට ඇමතුවේ කලු මුදලාලි කියන අන්වර්ත නාමයෙන් කලු මුදලාලි ධාර්මික පුද්ගලයෙක් කියලා තමා ගමේ හැමෝම කිව්වේ හැම පෝයකටම කලු මුදලාලි පන්සලට ගිහින් සිල් ගත්තා ඒ විතරක් නෙමේ ගමේ හැම ධාර්මික වැඩකටම මුල් තැන අරගෙන ඒ දේවල් මනාව සංවිධානය කෙරුවා. ..ඉන්ඩකෝ මහත්තයෝ මම...

මරණයේ විලාපය

Image
  "මම අද මැරෙනවා මට මැරෙන්න ඕනේ ඔව් මේ කරුම ජීවිතේ මට එපා වෙලා මේ අතේ තියෙන බ්ලේඩ් එකෙන් ම..මගේ අත කපා ගෙන මැරෙනවා ම..මට මැරෙන්න ඕනේ ..." එහෙම හිතපු සරත් හිරිපිටිය හාමු මහත්තතයා රැවුල කැපීමට ගෙන ආපු බ්ලේඩ් එකක් දකුණු අතින් අරගෙන හරියටම වම් අතේ මැණික් කටුව ගාවින් තිබ්බා . " ..හ්ම්ග් ම..මට දකුණු අත හොල්ලන්නවත් බෑ ඇයි මට ඇයි මට මැරෙන්න දෙන්නැත්තේ අනේ මට මැරෙන්න දීපන් " සරත් හිරිපිටියට දකුණු අතේ තිබුණ බ්ලේඩ් එක චුට්ටක්වත් හොල්ලන්න බැරි වුනා අත හරියට ගල් ගෙඩියක් වගේ වුනා සරත් හිරිපිටිය අපමණ උත්සහයක් දැරුවා තමන්ගේ අත කපා දැමීමට නමුත් සම්පූර්ණ දකුණු අතම එහෙමම ලොක් වෙලා තිබුණේ දකුණු අත ඔහුගේ ශරීරයේ කොටසක් නෙමේ වගේ සරත් හිරිපිටිය කෑ ගැහුවා බෙරිහන් දුන්නා ඒත් ඔහුට අත නම් සෙලවීමට නොහැකි වුනා ඊ ලග මොහොතේ අතේ තිබුණ බ්ලේඩ් එක නිකන්ම බිමට වැටුණා බිමට වැටුණ බ්ලේඩ් එක දිහා බලාගෙන සරත් අඩා වැලපෙන්න ගත්තා . " අනේ මට මැරෙන්න දීපන් මට වද දුන්නා මදිද " සරත් හිරිපිටිය කියන්නේ රත්ගම ගම්මානයේ හිටිය පාරම්පරික වලව්කාරයෙක් අක්කර පන්සීයකටත් වඩා වැඩි විශාල ඉඩමක් මැද්දෙ තිබුණු විශාල වල...

ස්වභාවික මරණ

Image
  තමිල්නාඩුවට ගිහින් රෙදි ලාබෙට ගන්න හොදම තැන චෙන්නායි වල තවුසන්ඩ් ලයිට් රෝඩ් කියන තැන මේ තැන හැමෝම අතර බොහොම ප්‍රසිද්ධයි 2015 අප්‍රියෙල් 19 වෙනිදා චෙන්නායි වල තවුසන්ඩ් ලයිට් පාරේ හවස පයින් ගමන් කර කර හිටිය එක මනුස්සයෙක් එක පාරම සිහි නැතුව බිම ඇදගෙන වැටුනා . වටේ පිටේ හිටිය කට්ටිය හැමෝම එකතුවෙලා මේ මනුස්සයාව රෝහලට අරන් යනවා නමුත් වෛද්‍යවරු ඒ මනුස්සයව පරික්ෂා කරලා බලලා කියනවා ඔහු මිය ගිහින් කියලා රෝහල් පොලීසිය විසින් ඔහුගේ නම ජෝන් සෙලෝමිනෝ කියලා හොයා ගන්නවා ජෝන්ගේ මරණ පරීක්ෂණයේ ලියවුනේ ජෝන් හදිස්සියේම ඇති වුන හර්දයා බාදයක් නිසා මිය ගිය බවයි. ජෝන් මිය ගිහින් මාසයක් ගෙවිලා ගියා තවුසන්ඩ් ලයිට් පාරේ ඉදලා කිලෝ මීටර් දහනවයකට එහා ප්‍රදේශයක දිනය වුනේ 2015 මැයි 17 උත්තීරාමේවූර් කියන ප්‍රදේශයේ  ශ්‍රීධර් කියන පුද්ගලයා පාරේ පයින් ගමන් කරමින් ඉද්දී එක පාරටම සිහි නැතුව බිම ඇදගෙන වැටෙනවා ඔහු බිම වැටෙනවා දැක්ක වටේ පිටේ හැමෝම එකතු වෙලා ශ්‍රීධර්ව රෝහලට අරන් යනවා නමුත් රෝහලේදී දැන ගන්න ලැබෙන්නේ ශ්‍රීධර් මිය ගිහින් බවයි හේතුව හර්දයා බාධයක් ඇති වීම. දිනය එලඹුනා 2015 ඔක්තෝම්බර් 10 මේ ශ්‍රීධර් මැරි...

පිලිපීනය ගිනියම් කල ඝාතනය

Image
  මේ කතාව ඔබට කියනවද නැද්ද කියලා මම සෑහෙන්න කල්පනා කලා ඒ තරම් මේ කතාව සාහසිකයි නමුත් මේ කතාවෙන් ගත යුත්තක් ඔබට තියෙනවා ඒ නිසාමයි මේ කතාව මා පල කරන්නේ කිසිම දිනක ඔබ කුමණ තත්වයක සිටියත් විශේෂයෙන් ඔබගේ හිතට දුකක් තනිකමක් දැනෙන අවස්ථාවක ඔබගේ ෆේස්බුක් ගිණුමට කිසිදු නොදන්නා පුද්ගලයෙක් මිතුරෙක් කර ගැණීමට කටයුතු නොකරන්න මේ කාරණය මම මුලින්ම කියන්නේ ඇයි කියලා ඔබට කතාවේ අවසානය වන විට තේරුම් යයි  මේ කතාව සිද්ධ වෙන්නේ පිලිපීනයේ ලාපු ලාපු ගමේ මෙහි ජීවත් වුනා වයස අවුරුදු 16 ක ක්‍රිස්ටිනා නමැති තරුණියක් දෙමව්පියන් සමග ඇය ඒ ගමේ හොදින් ජීවත් වුනා ක්‍රිස්ටිනා ධර්මය ගැනත් සෑහෙන පැහැදීමක් තිබුණා එනිසාම හැම සතියකම ඉරිදා දිනට පල්ලියට යන ඇය පල්ලිය සවස හතරේ සිට රාත්‍රී අට පමණ වන තුරු සුද්ධ පවිත්‍ර කර යාච්ඤා කටයුතුත් නොවරදවාම සිද්ධ කලා ඇගේ දෙමව්පියන් දෙදෙනත් ඇගේ ඒ දේවල් වලට කැමැත්තෙන්ම ඉඩ දුන්නා  මේ විදිහට කාලය ගත වෙලා 2019 මාර්තු 9 දිනය උදා වුනා එදා උදේ ක්‍රිස්ටිනා තමන්ගේ අම්මත් එක්ක වෙලඳ පොලට ගිහින් නිවසට අවශ්‍යය කරන බඩු බාහිරාදිය රැගෙන එනවා ඊට පස්සේ අන්තර්ජාලයේ ඇනිමේෂන් කටයුත්තක් සවස හතර වෙන ත...

කේරලය තැතිගත් සමූල ඝාතනය

Image
  2025 පෙබරවාරි 24 සවස හයයි තිහට පමණ විසි තුන් හැවිරිදි තරුණයෙක් කේරලයේ වෙන්ජාරාමුඩ්ඩු පොලිස් ස්ථානයට එනවා ඊට පස්සේ ඔහුට ඉස්සරලාම හමුවෙන නිලධාරියට කියනවා තමන් හය දෙනෙක්ව මරලා ආවේ කියලා තරුණයා කියනවා තමන්ගේ නම අර්ෆාන් බව ගෙවල් තුනක මේ ඝාතන සිදු කර ආ බව වැඩි දුරටත් ඔහු පොලිස් නිලධාරියාට පවසනවා පොලිස් නිලධාරීන් තුෂ්නිම්බූතව ඔහු දිහා බලන් ඉද්දි තරුණයා කියනවා මගේ ගේ තියෙන්නේ පොලීසිය කිට්ටුව ඉස්සරලාම සැක නම් බලල එන්න කියලා පොලිස් නිලධාරීන් වහාම ඒ තරුණයාගේ නිවසට ගිහින් බලනවා ඒ වන විට නිවසේ දොර වසා දමා තිබුණේ නිලධාරීන් නිවසේ දොර විවර කලාම මුලින්ම ලේ විලක් මැද මැරී වැටී සිටි කුඩා දරුවෙක් හමු වෙනවා ඔහු අර්ෆාන්ගේ සහෝදරයා වුනා ඊට ටිකක් එහායින් තරුණියක් මැරී වැටී සිටියා ඇය අර්ෆාන්ගේ පෙම්වතිය වුනා ඉන්පසු තව දුරටත් සෝදිසි කරන නිලධාරීන්ට ලෙයින් නැහැවුන අර්ෆාන්ගේ මවගේ සිරුර හමුවෙනවා මේ අතරම නිලධාරීන් දකිනවා අර්ෆාන්ගේ මවට සිහිය තිබෙන බව ඔවුන් වහාම ඇයව රෝහල් ගත කරනවා  ඉන්පසු නැවත පොලිසියට පැමිණි නිලධාරීන් අර්ෆාන්ගෙන් අසනවා අනිත් මළ සිරුරු තිබෙන තැන ඉන්පසු අර්ෆාන් ඔවුන්ට ඉතිරි සිරුරු තිබෙන තැන...

ගුවාටිවල මව සහ පුතුගේ ඝාතනය

Image
  2022අගෝස්තු 29 ගුවාටි වල පදිංචිව ඉන්න බන්දනා කලීටා නමැත 32 හැවරදි කාන්තාව නූන්මාටි පොලිස් ස්ථානයට එනවා ඇයගේ සැමියා අමර්ජෝති ඩේ සහ නැන්දම්මා ශන්කරීයා ඩේ ජූලි 26 වන දා සිට මේ වන තුරු අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් දාන්න. පොලීසිය පැමිණිල්ල ලියා ගන්නවා ඉන්පසු පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කරනවා නමුත් ඔවුන්ට කිසිම සාක්ෂියක් හෝඩුවාවක් සොයා ගැනීමට නොලැබෙනවා මේ අතුරුදන් වීම සම්බන්ධව ඒ නිසා පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාම අඩාල වෙලයි තිබුණේ . අගෝස්තු 25 බන්ධනා ඇයගේ සැමියාගේ පුංචි අම්මා වූ නිර්මලා ඩේ ගේ ගෙදරකට ගිහිනුත් තම සැමියාගේ සහ නැන්දම්මාගේ අතරුදන්වීම පවසන්නේ හැඩු කදුලින් මේ නිසා ඒ නිර්මලා ඩේ කොහොමටවත් බන්ධනා ගැන සැකයක් ඇති කරගන්නේ නෑ . ඊට මාස දෙකකට පස්සේ නිර්මලා ඩේ තම සොයුරිය අතුරුදන් වූ ශන්කරියා ඩේ පැමිණ ඇත්ද කියා දැනගැනීමට ශන්කරියා ඩේ ගේ ගෙදරට පැමිණෙනවා නමුත් ශන්කරීයා ඩේ නිවසේ නොසිටි නිසා අසල්වැසියෙකුගෙන් ඇය ගැන විමසුව විට නිර්මලා ඩේට දැන ගැනීමට ලැබෙන්නේ ටික දිනකට කලින් බන්ධනා ශන්කරීයා ඩේව ඔවුන්ගේ නිවසට රැගෙන ගියා කියා පැවසූ බවයි මේ අමුතු කතාව අහලත් නිර්මලාඩේට බන්ධනා ගැන...

දියණියව ඝාතනය කල තාත්තා

Image
  මුම්බායේ කල්යාන් දුම්රියපල ඉස්සරහ කුලී ත්‍රී රෝද රථ ගාලක් තිබුනා මේ රථ ගාලේ සලීම් නමැති තරුණයෙක් හිටියා ඔහු තම ත්‍රී රෝද රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී බලා සිටියේ හයර් එකක් බලාපොරොත්තුවෙනුයි තවත් ටික වෙලාවකට පස්සේ මැදි වයසේ පුද්ගලයෙක් ලොකු කලු පාට බෑග් එකක් ගෙනත් සලීම් ගේ රථය ඇතුලෙන් තියලා සලීම් දිහා බලලා මල්ලී මාව බෙවන්ඩිකෝ වලට ගිහින් දාල එන්න කියලා කිව්වා. මේ මනුස්සයාගේ මේ කතාව සලීම්ට ඇල්ලුවේ නෑ සාමාන්‍යයෙන් මිනිස්සු කුලී ගමනක් යන්න ඇවිල්ලා අහන්නේ ඒ පැත්තට යනවද කියලා ඒත් මේ පුද්ගලයා අඩු ගාණේ ගමනට කීයක් අය කරනවද කියලා ඇහුවෙත් නෑ සලීම්ට ඒ නිසාම මේ පුද්ගලයා ගැන සැක හිතුනා ඒ විතරක් නෙමේ රථය ඇතුලෙන් තියපු බෑග් එකෙන් අමුතුම දුර්ගන්ධයකුත් වහනය වුනා ඒ හේතුවත් බල පෑවා සලීම්ට ඒ පුද්ගලයා ගැන සැක කිරීමට. ඊට පස්සේ සලීම් ඒ මනුස්සයා දිහා බලලා මේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඇහුවා ඒ අහපු ප්‍රශ්නයට බිය වුන ඒ මනුස්සයා ඛෑග් එකත් ත්‍රී වීල් එකෙම දාලා දුම්රියපල ඇතුලට දිව ගියා රථ ගාලේ සිටිය හැමෝම අර කලු ඛෑග් එක දිහා සැක සහිතව බලන්න උනා මග යන එන අයත් නැවතිලා බලන්න ගත්තා හැමෝගෙම අදහස උනේ අනිවාර්යයෙ...

ෂර්මා පවුලේ සමූල ඝාතනය

Image
  මේ කතාව කියෙව්වම ඔබට ඔබේ මවට මල් තියලා වැන්ඳත් කමක් නෑ කියලා හිතෙයි . 2017 ඔක්තෝම්බර් 3 රාජේස්ථානයේ අල්වර් නගරයේ සිවාජී පාර්ක් කොලණියේ දෙමහල් නිවසක  සන්ධ්‍යා ෂර්මා සහ කවිතා ෂර්මා කියලා අක්ක නගෝ දෙන්නෙක් උඩු මහලේ නිදාගෙන සිටියා පවුලේ අනිත් අය නිදාගෙන සිටියේ පහල මහලේය පසු දින හිරු උදාවත් සමග ගෙදර වතුර මෝටරය ක්‍රියාත්මක කරවීමට අක්ක නගෝ දෙදෙනාම පහල මහලට ආවා වතුර මෝටරේ ක්‍රියාත්මක කරලා නිවසේ පිරිස නිදා සිටි කාමරයට ඔවුන් දෙදෙනා ගියා නමුත් කාමරය ඇතුලේ සිදුව තිබූ භයංකාර දේ දැක ඔවුන් දෙදෙනා මර හඩ දුන්නා ඔවුන් දෙදෙනාගේ කෑ ගැසීමේ හඩ අසා අහල පහල අසල් වැසි සියලු දෙනා විගස එම නිවසට පැම්ණියා අසල්වැසි සියලු දෙනාත් පැමිණ නිවස ඇතුලේ තත්වය දුටු විට විමතියෙන් තැති ගත්තා නිවසේ පහල මහලේ හැම තැනකම රක්ත වර්ණ රුධිරයෙන් නැහැවී ගොස් තිබුණා විතරක් නෙමේ නිවසේ ගෘහ මූලික බන්වාරීලාල් ෂර්මා සහ ඔහුගේ දරුවන් තිදෙනා සහ බන්වාරීලාල් ගේ මල්ලිගේ දරුවෙකුත් කපා කොටා මරා දමා තිබුනා අසල්වැසියෝ වහාම මේ සමූල ඝාතනය ගැන පොලීසිය දැනුවත් කලා සිද්ධිය දැනගත් පොලීසියත් වහාම එතනට පැමිණියා අසල් වැසියන් දුටුවා බන්වාරීලාල් සහ ඔහුග...

අෆ්තාබ් ශ්‍රද්ධා

Image
  මම හිතනවා ඔබට මතක ඇති කියලා මනෝජ් සානේ නමැති මැදි වයසේ පුද්ගලයෙක් තමන්ගේ බිරිදව කෑලි කෑලි වලට කපල තිබුණ කතාව එහිදී මනෝජ් සානේ කියනවා මළ සිරුර කෑලි වලට කපන සිතුවිල්ල ආවේ ඉන්දියාවේම සිදුවුන තවත් මිලේච්ඡ ඝාතනයකින් කියලා මම ඔබට කිව්වා ඒ කතාවත් කියනවා කියලා මේ තියෙන්නේ මනෝජ් සානේ ආදර්ශයට ගත් මිලේච්ඡ ඝාතනයේ කතා පුවතයි. 2018 වර්ෂයේ ශ්‍රද්ධා නමැති 27 වියැති යුවතියක් මුම්බායි වල සන්නිවේදන මධ්‍යස්ථානයක සේවය කෙරුව ඔය අතරම ඇය සමග මිතුරු වෙනවා ඒ ආයතනයේම සේවය කල අෆ්තාබ් නම් තරුණයෙක් මේ මිතුරු කම වැඩි දවසක් යන්න කලින් ආදරයකට පෙරලෙනවා  ශ්‍රද්ධා මුම්බායි වලම තමා තමාගේ මව සහ බාල සහෝදරයා සමග පදිංචි වෙලා හිටියේ ඇයගේ තාත්තා ඔවුන්ගෙන් වෙන් වෙලා වෙනම ජීවත් වුනා අෆ්තාබ් ගේ හමු වීමත් සමග ශ්‍රද්ධා සතුටින් කාලය ගතකෙරුවේ පසුව ඔවුන් දෙදෙනා තීරණය කෙරුවා දෙන්නම එකට ජීවත් වෙමුකියලා එහෙම හිතලා වැඩි දවසක් යන්න කලින් මුම්බායි වලම මහල් නිවාසයකින් ගෙයක් කුලියට ගත්තා. නමුත් මේ සම්බන්ධයට ශ්‍රද්ධා ගේ දෙමව් පියන් කැමති වුනේ නෑ විශේෂයෙන් ඔවුන් අෆ්තාබ්ට චුට්ටක්වත් කැමති වුනේ නෑ මොකද කිව්වොත් අෆ්තාබ් මුස්ලිම් ජාතික...

වර්මා පවුලේ ඝාතනය

Image
  මේ කතාව කියවන ඔබට මෙහෙම හිතේවි දරුවෝ නැති උනොත් ජීවිතේටවත් දරුවෙක් අරන් හදා වඩා ගන්නේ නම් නෑ කියලා එහෙම මම මුලින්ම කිව්ව හේතුව මේ කතාවේ අවසානයේ ඔබට දැන ගැනීමට ලැබේවි  දිල්ලියේ ද්වාර්කා දිස්ත්‍රික්කයේ රාජ්නගර් වල තමයි වර්මා පවුලේ අය ජීවත් වුනේ හතර දෙනෙකුගෙන් සමන්විත මේ ආදරණීය පුංච් පවුල හැමදාම එකටම තමයි ජීවත් වුනේ පවුලේ වැඩිමලා විනෝද් වර්මා රැකියාව ලෙසට දුරකථන ක්‍රියා කරවන්නෙකු ලෙස රැකියාව කලා ඔහුගේ බිරිද ගේ දොර වැඩ කටයුතු බලාගෙන හිටියා ඔහුගේ එකම පුතා නිතින් වර්මා පුද්ගලික ආයතනයක සේවය කලා නිතින් වර්මාගේ බිරිද පූජා වර්මා පුද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කලා මේ පවුල ගොඩක් සතුටින් තමා ජීවත් වුනේ ඒ සතුට දෙගුණ තෙගුණ වුනේ පූජා වර්මා මවක් වී ඇති බව දැන ගත්තාට පසුයි . 2008 අප්‍රියෙල් 18 වන දින රාත්‍රියේ වෙහෙසකර සේවා නිමාවකින් පසු නිතින් ඔහු සේවය කල ආයතනයේ සිට තම යතුරු පැදියෙන් නිවසට ගමන් කලා නිවසට ඉක්මණින් යාමේ අභිලාෂයෙන් ඔහු තම යතුරු පැදියේ වේගය තව තවත් වැඩි කලා හරියටම බුද්ධ ජයන්ති මාවත ලගදී ඔහුගේ යතුරු පැදිය ලිස්සා ගොස් අනතුරකට භාජනය වෙනවා අතපය කැපිලා සුලු තුවාල කිහිපයක් ඔහුගේ...

මනෝජ් සානේ crime case

Image
  සමහර වෙලාවට හිතෙනවා මිනිස්සුන්ට මේ තරම් තිරිසන් විදිහට හැසිරෙන්න පුලුවන්ද කියලා මේත් පිළිකුල් සහගත තිරිසන් ක්‍රියාවක් සිදු වූ කතාවක්  මුම්බායේ ඨානේ වල මීරා පාරේ එක් මහල් නිවස සංකීර්ණයක් තිබුණා එහි නම වුනේ ගීතා ආකාශ් ඩීප් මේ නිවාස සංකීර්ණයේ පලමු වෙනි ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්විත වුනා නම්බර වශයෙන් සදහන් වුනේ පලමු මහල 701,දෙවනි මහල702,තුන්වන මහල 703,හතරවන මහල 704 විදිහටයි මේ මහල් නිවාස හතරින් 701,702,703 මේ මහල් නිවාස වල පදිංචි අය බොහොම කුළුපගව තමා ජීවත් උනේ ඒ අය නිවාඩු දවස්වලට විනෝද උනා කෑම හදගෙන එකට ඉදගෙන කෑවා කොටින්ම නෑදෑයෝ වගේ තමා හැසිරුනේ නමුත් 704 මහල් නිවසේ පදිංචිව සිටියේ මනෝජ් සානේ කියලා උපාධි දාරී මැදි වයසේ පුද්ගලයෙක් මාසෙට දසදහසක මුදලකට ඔහු ඒ මහල් නිවාසය කුලියට ගෙන තිබුණා . මනෝජ් සානේ අමුතුම මනුස්සයෙක් වුනා ඔහුගේ බිරිදත් ඒ වගේ කිසිම කෙනෙක් එක්ක කතා කලේ නෑ සිනා වුනේ නෑ කිසිම උත්සවයකට ආවෙ නෑ හරිම අද්භූතජනක ජීවිතයක් ඔහු ගත කලේ ඔහුගේ වතගොත කිසිම දෙයක් නිවාස සංකීර්ණයේ කවුරුත් දැනගෙන හිටියේ නෑ  2023 වර්ෂයේ එක්තරා දිනයක 703මහල් නිවසේ සිටිය අයට දුර්ගන්ධයක් දැනෙන්න ග...

තරුණ දාම ඝාතකයා

Image
  1978 වර්ෂයේ එක් දිනක ජයපූර්වල පොලීසියට ලැබෙන තොරතුරකට අනුව යම් තැනක් සෝදිසි කෙරුවම ඝාතනය කරපු මනුස්ස ශරීරයක් හමු වෙනවා පොලීසිය හිතනවා මොකක් හරි කා එක්ක හරි ඇති වුන ගැටුමක් නිසා මේ ඝාතනය සිද්ධ වෙන්න ඇති ශරීරය මරණ පරීක්ෂණයට යැව්වම ඝාතනය සිදුවෙලා තියෙන්නේ උගුරු දණ්ඩ කඩා බිද දැමීමකින් බවට මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වෙනවා. පොලීසිය ඒ ඝාතනය වුන ශරීරයෙන් දකින විශේෂ දේ කණට පහලින් ගැඹුරු තුවාලයක් ශරීරයේ දක්ණට ලැබීමයි ටික දවසක් ඒ ඝාතනය ගැණ පරීක්ෂණ කටයුතු කරලා එහෙම්මම ඒක යට යනවා ටික දවසකින් ජයපූර්වල පාලු පාරක තිබිලා ආයෙත් පොලීසියට ඝාතනය කරපු මිනිස් ශරීරයක් හමු වෙනවා මේ ඝාතනයත් පෙර ඝාතනය වගේම කණට යටින් ගැඹුරු තුවාලයක් තියෙනවා ඒ වගේම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව උගුරු දණ්ඩ කඩා බිඳ දැමීමෙන් මරණය සිදු වී තිබෙන බව සදහන් වෙනවා  කාලය ගෙවිලා ගියා රාජස්ථාන් වල හැම පැත්තකම සෑහෙන්න ඝාතන සිද්ධ වුනා ඒ හැම ඝාතනයකම එකම රටාවක් තිබුණේ උගුරු දණ්ඩ කඩා බිද දැමීම කණට පහලින් ගැඹුරු තුවාලයක් තිබීම දිනෙන් දින මරණ සංඛ්‍යාව වැඩි වෙන්න ගත්තා හැම ඝාතනයක්ම එක එක පැතිවල වෙනස් වෙනස් පොලිස් වසම් වල සිදු වුන නිසා පොලීසිය...