Posts

මාරාන්තික නැවතුම

Image
" ආයෙ කීයටද ට්රේන් එකක් තියෙන්නෙ නුවරඑලියට යන්ඩ .. ප්‍රවේශ පත්‍ර ලබා දෙන කවුන්ටරේ නිලධාරියාගෙන් කසුන් එහෙම ඇහුවෙ 6.30ට බදුල්ල බලා යන දුම්රිය ඒ වන විටත් පිටත්ව ගොස් තිබූ නිසයි . " අට හමාරට එකක් තියෙනවා " නිලධාරියා ඉවත බලාගෙනම කසුන්ට පැවසුවේය. ..පැය එකහමාරක් ඉතින් කට්ට කාපන්කෝ රෙද්ද.. ප්‍රවේශ පත්‍රයත් රැගෙන දුම්රිය ස්ථානයේ අසුනක් දෙසට යන ගමන් කසුන් එසේ සිතුවේය.දුම්රිය ස්ථානය සහ හාත්පස පරිසරය මූසල අඳුරකින් ටිකෙන් ටික ගිල ගනිද්දී දුම්රිය පලේ තිබූ විදුලි පහන්ද එකින් එක දැල්වෙන්නට විය . කසුන්ට සිතුනේ කොපමණ විදුලි පහන් දැල්වුනත් මෙම ස්ථානයේ තියෙන මූසල කම නම් දුරු වීමක් සිද්ධ වෙන්නේ නැති බවයි සති අන්ත දිනයක් වූ බැවින්ද නැතිනම් වෙන කුමක් හෝ හේතුවක් නිසා දෝ දුම්රිය ස්ථානයේ ඒවන විටත් මගියෙකුට කියා සිටියේ කසුන් පමණමයි . ..මොන කෙලියක්ද යකෝ වෙනදටත් මෙතන සෙනඟ නැද්ද දන් නෑ මේ වෙලාවට. කතා කරන්නවත් බල්ලෙක්වත් නෑනේ ...ෂික්..!..මට තිබුනේ වෙනද වගේම පුරුදු විදිහට බස් එකේ යන්න එහෙම උනානම් මෙලහකට හොද නින්දක් දාගෙන..කොහෙද මට පිස්සුනේ කවදාවත් නැතුව ට්රේන් එකේ යන්න හිතුවනේ දැන් ඉතින් කාපන්කො පරිප...

මඩ ගොහුර

Image
  අරවින්දට මුල්ම ගුරු පත්වීම ලැබුණේ ආණමඩුවේ දුෂ්කර ගමක පාසලකට ඒ ගමේ නවතින්න තැනක් හොයා ගන්න අරවින්දට බැරි උන හින්ද ඒ ගමේ ඉදලා ගම් තුනකට එහා තිබුණ කැටවල ගමේ ගෙදරක් අරවින්ද නවතින්න හොයා ගත්තා උදේ පාන්දර බස් රථයෙන් ගිහින් පාසලේ ඉගැන්වීම් කට යුතු කරලා හවස බස් රථයෙන්ම ඔහු නවාතැනට ආවා . අරවින්දට බස් රථයට නැගීමට ප්‍රධාන පාරට යන්න උනේ පයින්ම තමා කිලෝ මීටර් භාගයක් විතර ඔහුට හැමදාම පයින් ගමන් කරන්න උනා උදේටයි හවසටයි එදත් පාසලට යන්න කියලා නවාතැනින් පිටත් උන අරවින්ද මගදි වැස්සක් ඇද හැලුන නිසා අසල තිබුණ කඩයකට ගොඩ වැදුනා ..සර් ඉස්කෝලෙට යන්න වගේ .. කඩේ මුදලාලි සිනාමුසුව කාරුණිකව අරවින්දගෙන් විමසුවා. ..ඔව් කලු මුදලාලි බලන්නකෝ මේ වැස්සක් වහින්න ගත්තනේ එකපාරම මම හිතුවෙවත් නෑ වහීවි කියලා කුඩයක්වත් ගෙනාවේ නෑ .. කඩේ මුදලාලිගේ නම උනේ මහතුන් ඒත් ගමේ හැමෝම ඔහුට ඇමතුවේ කලු මුදලාලි කියන අන්වර්ත නාමයෙන් කලු මුදලාලි ධාර්මික පුද්ගලයෙක් කියලා තමා ගමේ හැමෝම කිව්වේ හැම පෝයකටම කලු මුදලාලි පන්සලට ගිහින් සිල් ගත්තා ඒ විතරක් නෙමේ ගමේ හැම ධාර්මික වැඩකටම මුල් තැන අරගෙන ඒ දේවල් මනාව සංවිධානය කෙරුවා. ..ඉන්ඩකෝ මහත්තයෝ මම...

මරණයේ විලාපය

Image
  "මම අද මැරෙනවා මට මැරෙන්න ඕනේ ඔව් මේ කරුම ජීවිතේ මට එපා වෙලා මේ අතේ තියෙන බ්ලේඩ් එකෙන් ම..මගේ අත කපා ගෙන මැරෙනවා ම..මට මැරෙන්න ඕනේ ..." එහෙම හිතපු සරත් හිරිපිටිය හාමු මහත්තතයා රැවුල කැපීමට ගෙන ආපු බ්ලේඩ් එකක් දකුණු අතින් අරගෙන හරියටම වම් අතේ මැණික් කටුව ගාවින් තිබ්බා . " ..හ්ම්ග් ම..මට දකුණු අත හොල්ලන්නවත් බෑ ඇයි මට ඇයි මට මැරෙන්න දෙන්නැත්තේ අනේ මට මැරෙන්න දීපන් " සරත් හිරිපිටියට දකුණු අතේ තිබුණ බ්ලේඩ් එක චුට්ටක්වත් හොල්ලන්න බැරි වුනා අත හරියට ගල් ගෙඩියක් වගේ වුනා සරත් හිරිපිටිය අපමණ උත්සහයක් දැරුවා තමන්ගේ අත කපා දැමීමට නමුත් සම්පූර්ණ දකුණු අතම එහෙමම ලොක් වෙලා තිබුණේ දකුණු අත ඔහුගේ ශරීරයේ කොටසක් නෙමේ වගේ සරත් හිරිපිටිය කෑ ගැහුවා බෙරිහන් දුන්නා ඒත් ඔහුට අත නම් සෙලවීමට නොහැකි වුනා ඊ ලග මොහොතේ අතේ තිබුණ බ්ලේඩ් එක නිකන්ම බිමට වැටුණා බිමට වැටුණ බ්ලේඩ් එක දිහා බලාගෙන සරත් අඩා වැලපෙන්න ගත්තා . " අනේ මට මැරෙන්න දීපන් මට වද දුන්නා මදිද " සරත් හිරිපිටිය කියන්නේ රත්ගම ගම්මානයේ හිටිය පාරම්පරික වලව්කාරයෙක් අක්කර පන්සීයකටත් වඩා වැඩි විශාල ඉඩමක් මැද්දෙ තිබුණු විශාල වල...

මළවුන්ගෙන් නැගිටීම

Image
  එක පාරටම ඇස් ඇරල බලපු මට ඝන අන්ධකාරයක පමණමයී දක්නට ලැබුනේ මම හිතුවේ මම ඉන්නේ මගේ නිදි යහන මත කියලා ඒත් මට හෙල්ලෙන්නවත් බැරි විදිහට මගේ ශරීරය ඒ ඝන අන්ධකාරයේ ගිලුණු තැන හිර වෙලා තිබුණේ මගේ කකුල් වලට තේරුණා මගෙ කකුල් ලෑලි වලින් ආවරණය වෙලා කියලා මගේ අත් යාන්තමට හොලවන්න පුලුවන් නිසා මට තේරුණා මම ඉන්නේ මොකක් හරි ලෑලි පෙට්ටියක් ඇතුලේ කියලා  මම අමාරුවෙන් මගේ අතින් හිමීට මගේ හිස අත ගාල බැලුවා මගේ අත තෙත් වෙලා ගියා මට හිතාගන්න බැරි උනා මගේ හිසේ වතුරද නැත්නම් ලේද තියෙන්නේ කියලා මම මේ තිත්ත කලුවරේ මේ විදිහට හිර වෙලා ඉන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මට ඕන උනේ මෙතනින් නිදහස් වෙන්න මම මගේ කාර් එක ඇතුලෙවත් මේ විදිහට තිත්ත කලුවරක ඉදල නෑ .....ම..මගේ කාර් එක ඔව් මට කාර් එකක් තිබුණ ඒත්...  ඒත් මට ඇයි මගේ නම මතක් වෙන් නැත්තේ මම කවුද ඇයි මම මේ ලෑලි පෙට්ටියක් ඇතුලේ ඉන්නේ මම කොහොමද මෙතනට ආවේ යම් යම් දේවල් මට මතකයට නැගෙනවා ඒත් ඒ එක්කම මට ඒව අමතක වෙනවා සමහර විට මගේ ඔලුවේ ලොකු තුවාලයක් ඇති ඒක නිසා තමා මට මේ හැම දෙයක්ම අමතක වෙනවා ඇත්තේ ඒත් මට තේරෙන්නැත්තේ මොකක්ද මේ මට දැනෙන ගඳ කියලයි මට දැනෙනවා නහය හ...

මරණයේ නවාතැන

Image
  " අෂේන් මට අම්මව බලන්න යන්න ඕනා අනේ අපි දැන්ම යමුකෝ " රැකියාවට නිමවා නිවසට පැමිණි විගස අෂේන්ට තම බිරිඳ ගේ ඉල්ලීම පුදුමයක් ගෙන දුන්නේය ඔහු ප්‍රශ්නාර්ත මුසු බැල්මකින් ඇය දෙස බැලුවේය. " අපි ගිය සතියෙත් එහෙ ගියානේ අචිනි ඇයි මේ හදිස්සියේම එහෙ යන්න හදන්නේ "? " අනේ මන්ද මට උදේ ඔයා වැඩට ගිය වෙලේ ඉදන් හිතට හරි නෑ අම්මව බලන්න යන්නම හිතෙනව අනේ හාද හා කියන්නකෝ" " මේ රෑ කොහොමද යන්නේ හෙට මට නිවාඩු හෙට යමු ඊටත් අපි එහෙට යනකොට පාන්දර එක දෙක වත් වෙයිනේ " " ආයේ මම ඔයාට කරදර කරන්නෙ නෑ ප්ලීස් අෂේන් අනේ යමුකෝ " " හරි හරි ඕකට අඩන්න ඕනෙද ඉන්න මම වොෂ් එකක් දාගන්න ඊට පස්සෙ යමු හොඳද. ." කඳුලු පිරි දෙනෙතින් ඇවිටිලි කරනා ඇය දෙස මද සිනාවකින් බැලූ අෂේන් ඇගේ හිස පිරිමදිමින් එසේ කීවේය. අචිනිගේ නිවස පිහිටියේ බණ්ඩාරවෙල නගරයට ආසන්නවය අචිනි සහ අෂේන් විවාහ වී පදිංචිව සිටියේ මාකඳුර ප්‍රදේශයේය ඔවුන් දෙදෙනා රාත්‍රී දහයට පමණ බණ්ඩාරවෙල බලා යාමට ඔවුන්ගේ මෝටර් රථයෙන් පිටත් විය. කුරුණෑගලට පාරේ කිරලබොක්ක ගමට ආසන්න වන විට ඔවුන්ට තව දුරටත් ගමන යාමට නොහැකි බාදකයක් ඇති වී ...

අමුතු කනත්ත

Image
  පාසල් අධ්‍යාපනය හමාර කරපු රුවන් දිසානායකට ඕන වෙලා තිබ්බේ හොද වැටුපක් ගන්න පුලුවන් රැකියාවක් කරන්න. හැබැයි හොද වැටුපක් ගන්න පුලුවන් රැකියා තිබුණත් ඒවාට යන්න තරම් හොද අධයාපනයක් රුවන්ට තිබුණේ නැහැ සති අන්ත පුවත් පත් පීරල හෙව්වත් රුවන් ගේ හිතට මෙන්න මේ රැකියාව මට හොඳයි කියන සිතුවිල්ල ඔහුගේ සිතට නැගුනේ නැහැ දවසේ පඩියට කරපු එක එක කුලී වැඩ වලින් ඔහු හෙම්බත් වෙලා හිටියේ මොකද එක දිගට වහින දවස් ආවොත් රුවන්ට ඒ දින වලදී නිවසට වී කාලය ගත කරන්නයි සිද්ධ වුනේ දුප්පත් පවුලක එකම දරුව වුන රුවන්ට ඕන වෙලා තිබුණේ තම දෙමව්පියන්ට සුඛිත මුදිත ජීවිතයක් කෙසේ හෝ උදා කර දීමටයි එය කිරීමට නම් ඔහුගේ මේ ස්තිර නොවන රැකියා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු හොඳින්ම දැනගෙන සිටියේය සෑම ඉරිදා දිනයකම සති අන්ත පුවත් පත් වල පල වන රැකියා බැලීමට පුරුදු වෙලා හිටිය රුවන් එදත් ගමේ තේ කඩේට ගොඩ වැදුනේ තේ එකක් බොන ගමන්ම පුවත් පතත් බැලීමටයි ඔහුගේ මේ පුරුද්ද හොදින්ම දැනගෙන හිටිය තේ කඩේ මුදලාලි ගුනදාස රුවන්ව දැක ඔහු සමග මුව පුරා සිනාසී සති අන්ත පුවත්පත ඔහු වෙත දිගු කෙරුවේය. ..." රුවන් මල්ලි ඔන්න නියම ජොබ් එකක් ගැන පත්තරේ දාල තියෙනව....

අසම්පූර්ණ ලිපිය

Image
  සමහර දේවල් වල සමහර කතන්දර වල අවසානයක් නැතිව අසම්පූර්ණ වුනාම ඒක අපේ හිතට පුදුම විදිහට දැනෙනවා සමහර කතාවල අවසානය වුනේ කොහොමද කියලා හොයාගෙන ගිහින් බලන්න තරම් කුතුහලය කියන හැගීම අපිව අසරණ කරන වෙලාවලුත් නැතුවම නෙවේ ප්‍රබාෂ් සෙනවිරත්න කියන්නේ වයස අවුරුදු විසිඅටක තරුණයෙක් ඔහු රැකියාව කලේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක.  පැය අටක සේවා මුරය නිමා කිරීමෙන් අනතුරුව තමා ගේ නවාතැනට පැමිණ ආහාරය සඳහා කුමක් හෝ තනාගෙන කෑම කා අවසන් වූවාට පසු ඔහු කලේ මැදියම් රැය වන තුරු පොත් කියවීමයි මේ සිද්ධිය වුන දවසෙත් සේවය අහවර කර නවාතැනට පැමිණ ආහාර පිලියෙල කරගත්තා ට පසු ප්‍රාබාෂ්ට සිහිපත් වුනේ එදින රාත්‍රියේ කිය වීම සඳහා ඔහු සන්තකව කියවපු නැති එකම පොතක් හෝ නැති බවයි . ප්‍රබාෂ් නැවතී සිටි නවාතැනට කිලෝ මීටර් දෙකකට පමණ එහායින් ප්‍රසිද්ධ පොත් අලෙවි කරණා වෙලද සැලක් තිබූ අතර ඔහු පා ගමනින්ම එතැනට පිටත් වුනේය ප්‍රබාෂ් එතනට ලගා වන විට එම වෙලඳ සැල වසා දමා තිබිණ බලාපොරොත්තු සුන් වූ ඔහු මද වෙලාවක් පොත් වෙලඳ සැලට ඇතුල්වන පඩි පෙල මත ටික වෙලාවක් වාඩි වී සිටියේය. " මොකද මල්ලී මොකුත් ප්රශ්නයක්ද..?" ප්‍රබාෂ් ට කතා කල පුද්ගලයා ද...

නොවිසඳුණු ඝාතනය

Image
 කුලියාපිටිය පොලිසියේ දුරකථනය අලුයම පහට පමණ එක දිගට නාද වීමට පටන්ගත්තේ කන්දොස්කිරියාවක් ඇතිකරවමින්ය. දුරකථනයේ රිසිවරය තද නින්දක සිට එක්වරම පිබිදුනු පොලිස් නිලධාරියෙක් එසවූවේ පරුෂ වචනයකුත් මුවින් පිට කරමින්මයි දුරකථනයේ අනෙක් පසින් පොලීසිය ඇමතුවේ කුලිපිටිය පොලිස් වසමට අයත් වට්ටක්කාවත්ත ග්‍රාමයේ ගැමියෙක්ය. " හලෝ සර් මම මේ වට්ටක්කාවත්ත ගමේ ජිනදාස කියල කෙනෙක් කතා කරන්නේ අපේ ගෙට ටිකක් එහා ඉන්න රත්නපාලව  දවස් පහකින් විතර දැක්කෙ නෑ දැන් ඒ ගෙදරින් සැර කුණු ගඳක් එනවා " " හරි තමුසෙලා ඔය කියන රත්නපාලගේ ගෙදරට යන්න එපා අපි ඇවිත් සෝදිසි කරලා බලන්නම් , එසේ පැවසූ නිලධාරියා දුරකථන ඇමතුම විසන්ධි කලේය.තවත් සුලු මොහොතකින් උප පොලිස් පරීක්ෂක නිවන්ත රත්නායක ප්‍රමුක පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වට්ටක්කාවත්ත ග්‍රාමය බලා පිටත් වූහ. පොලිස් නිලධාරීන් පැමිණෙන විටත් ගමේ පදිංචිව සිටිනා ගැහැණු පිරිමි සෑහෙන පිරිසක් දුරකථන ඇමතුමෙන් කියවුන දුගඳ හමනා නිවස වටේටම රැස් වී සිටියේ යම් අපරාධයක සැක සංකා ඔවුන්ගේ සිත් තුලත් පැල පදියන් වී තිබූ නිසා විය හැක පොලිස් නිලධාරීන් ඉදිරියටම ගිය ගැමියෙක් මෙසේ පැවසුවේය.  ...

අලව්වේ වලව්ව

Image
  ප්‍රභාත්, මිහිර,චානක හොදම යාලුවෝ තුන් දෙනෙක් සති අග දිනයක විනෝද ගමනක් යාමට සැලසුම් කරපු ඒ තුන් දෙනා සවස හතරට පමණ කොළඹින් පිටත් වුනා මෝටර් රථය පදවන ගමන්ම තුන් දෙනාම පදම ඉක්මවා මත්පැන් පානය කර තිබූ නිසා අලව්ව නගරයට පැමිණෙන විට තව දුරටත් ඉදිරියට මෝටර් රථය පැදවීමට ඇති අපහසුව හේතුවෙන් අලව්ව නගරය සමීපයේ තිබූ ලැඟුම් හලක් බවට පත් කර තිබූ පැරණි වලව්වකට රථය හැරවූවේ එදින රාත්‍රිය එහි ගත කිරීමටයි. තුන් දෙනාම මත් බව නිසා එහෙට මෙහෙට වැනෙමින් වලව්ව ලැඟුම් හලේ පිලිගැනීමේ නිලධාරියා අසලට ගියා. පිලිගැනීමේ නිලධාරියා ඔවුන් සමග මුව පුරා සිනා සුනේ හරියට ඔවුන් එන තුරා ඔහු මග බලන් සිටියා වගේ . " එන්න සර් සර්ලට කාමරයක් අවශ්‍යයි නේද .."? පිලිගැනීමේ නිලධාරියා ඔවුන් ගෙන් එහෙම ඇහුවා . " ඔව් අපිට අද රෑ ගත කරන්න තියෙන හොදම කාමර තුන දෙනවා "  මිහිර ඒ විදිහට පිලිගැනීමේ නිලධාරියට කිව්වා. " සර් මේ වෙලාවේ තියෙන්නේ එක කාමරයයි මම ඒක දෙන්නම් තුන් දෙනාටම රුපියල් තුන් දහයි වෙන්නේ " " තුන් දහයි.. චැක්..! එහෙනම් ඉතින් ඒ කාමරේ බල්ලෙකුටවත් ඉන්ඩ බැරුව ඇති බාත් රූම් එකක් වත් තියෙනවද දන් නෑ ...

යක්ෂයාගේ ඇස 02 අවසන් කොටස

Image
  මගෙ නම නාරද මම ලංකාවම දන්න තේගිරිස් ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වික්ටර් කියන්නේ තේගිරිස් ගුරුන්නාන්සෙගෙ කලින් හිටිය හොදම ගෝලයා පස්සෙ වික්ටර් තනියම තේගිරිස් ගුරුන්නාන්සෙගේ ආශීර්වාදය ඇතුව යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන්න ගත්තට පස්සේ මම තමා ගුරුන්නාන්සෙගේ හොදම ගෝලයා වුනේ. කලින් හොදම ගෝලයා උන වික්ටර් මගේ හොදම යාලුවෙක් එක ගමක සිද්ද වෙන අද්භූත දෙයක් හොයන්න ගිහින් මට අනාගතේ හිරවෙන්න සිද්ද වුනා වික්ටර් කාලය හරහා යන ක්‍රමයක් හොයාගෙන මාව හොයාගෙන අනාගතේට ඇවිත් මාව නැවත මගේ කාලයටම එව්වා ඒත් වික්ටර් අඩි තුන්සීයක් විතර උස ගල් කණුවකින් බිමට වැටුනා වික්ටර් එතනින් වැටිල මැරුණද බේරුණද කියලා මම දන්නෙ නෑ ඒත් මම කොහොම හරි වික්ටර්ව බේරගන්න ඕනේ ඒත් බේර ගන්න ක්‍රමය මම දන්නෙ නෑ මට වික්ටර්ට වගේ කාලය හරහා යන්න බෑ මම එහෙම ක්‍රමයක් ගැන දන්නෙත් නෑ . මම ඉස්සරලාම බැලුවේ මම ඉන්න තැන වටේ අර කාලය හරහා යාමට අවශ්‍යය කරනා අමුතු ගස් වර්ගය තියෙනවද කියලා ඒත් ඒ වර්ගයේ එක ගහක්වත් ඒ පැත්ත පලාතෙවත් තිබුණේ නෑ නමුත් ඒ පරිසරය මට හොදටම හුරුයි මම ඇවිත් හිටියේ කුඩා කැලෑ රොදකට ඒ කැලෙන් එලියට ඇවිත් හම්බ වුන ගුරු පාරක් දිගේ මම ඇවිදගෙන ය...

යක්ෂයාගේ ඇස 01

Image
  පලමු කොටස 01 තේගිරිස් ගුරුන්නාන්සේ කියන්නේ මුලු ලංකාවෙම ප්‍රසිද්ධ බලි තොවිල් යක්කු පෙරේතයෝ හොල්මන් බූතයෝ අල්ලන වගේ අද්භූත වැඩ වලට උපන් හපනෙක් තේගිරිස් ගුරුන්නාන්සේ වස් කවි හදි හූනියම් වැඩ දැනගෙන හිටියත් ප්‍රතිපත්තියක් විදිහට ඒ භයානක දේවල් කිසිම කෙනෙකුට කරල දුන්නේ නෑ ලංකාවෙ හතර වටේ අමනුෂ්‍යයින්ගෙන් කරදර සිද්ධ වෙන තැන්වලට තේගිරිස් ගුරුන්නාන්සේ ගියේ ශත පහක්වත් බලාපොරොත්තුවෙන් නෙමේ යම් කිසි තැනකින් ගුරුන්නාන්සෙට පණිවිඩයක් ආවොත් ඒ දවසෙම ඒ තැනට ගිහින් අමනුෂ්‍ය කරදරේ නැතිකරල දැම්මේ ඔහු මුදලට වඩා මනුස්ස යහපත වෙනුවෙන් කටයුතුකල නිසයි . මැලේරියා උන හැම තැනම පැතිරුණ ඒ කාලේ තේගිරිස් ගුරුන්නාන්සෙටත් කොහොම හරි උන රෝගය වැලදුනා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ නවත්වපු තේගිරිස් ගුරුන්නාන්සෙගෙ හොදම ගෝලයා වුන මට උන්දෑ මේ විදිහට කිව්වා. " නාරද උඹට මන්තර සෑත්තරේ බොහෝ දුරට පුලුවන් නෙවැ මේ ටික දොහේ අපේ ගෙදරට මාව හොයාගෙන එන එවුන්ගේ ඔය පොඩි පොඩි පුරස්න නිරාකරණය කොරල දියන් ඒක බොටත් පින් අත් වෙන වැඩක් හැබැයි පුතෝ ලොකූ දේවල් වලට උඹ අත ගහන්ට යන්ට එපා .." " හොදමයි ගුරුන්නාන්සෙ" මම එහෙම කියලා ගුරුන්නාන්සෙ ල...